Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා අද පාර්ලිමේන්තු සභා ගැබ මධ්‍යයට පැමිණ බිම වාඩි විරෝධය පළ කළා.

ඒ, ධීවරයින් මුහුණදී සිටින ගැටළුවලට අයවැයෙන් විසඳුම් නොමැති බව පවසමින්. මෙවර අයවැය විවාදයේ සිය කතාව කිරීමෙන් අනතුරුව සභා ගැබ මධ්‍යයට පැමිණි දිලිප් වෙදආරච්චි මහතා මෙලෙස බිම වාඩි වූ බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.

මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ බහුදින යාත්‍රා දින ගණනාවක් මුහුදු ගොස් මසුන් අල්ලා ගෙන පැමිණෙන බවත් ඒ සඳහා ඔවුන්ට නියමිත මිලක් නොලැබෙන බවයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා දිලිප් වෙදආරච්චි මහතාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අසුනට ගොස් වාඩිවන ලෙසයි.

https://www.vnews.lk/storage/2022/11/DILIP-WEDAARCHCHI-EDIT-.mp3?_=1

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා සභා ගැබ මැද උපවාසයේ නිරත වූ ආකාරය පහතින් නරඹන්න.

WhatsApp Group

Skip to content