Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළා.

ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා එම නියෝගය ලබා දුන්නේ.

ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට වන්දනා ගමනක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම මෙම මස 23 වනදා සිට 29 වනදා තෙක් අත්හිටුවන ලෙස ද ඉල්ලා සිටියා.

එම ඉල්ලිම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ ගම්මන්පිල මහතා වෙත පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content