බිත්තරයක තොග මිල ලබන 14 වනදා සිට රුපියල් 5කින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක් රුපියල් 50කට පමණ අලෙවි කිරීමටයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර ඇත්තේ.

මේ අතර බිත්තර ආනයන ටෙන්ඩරයට පුද්ගලයින් 20දෙනෙකු මේ වන විට මිල ගණන් ඉදිරිපත් කර ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කළා.

වෙළෙඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව එම සැපයුම්කරුවන් ඉදිරිපත් කළ ටෙන්ඩර් විශ්ලේෂණය කිරීමට නියමිතයි .

WhatsApp Group

Skip to content