Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී පෙරළී යාමෙන් පුද්ගලයන් 30දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ සරණාගතයන් 47දෙනෙකු සිටු ඇති අතර, ඉන් 17දෙනෙකු ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.

මෙම සරණාගතයන් ලිබියාවේ සිට ගමන් ආරම්භ කර ඇති අතර, අයහපත් කාළගුණය හේතුවෙන් ලිබියාවට උතුරින් මධ්‍යධරණී මුහුදේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ගුවන් සහය ඇතිව මෙම පුද්ගලයන් මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content