නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ක්‍රයිස්චර්ච් හීදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වැනි හා අවසන් දිනය සදහා වන තරගය ආරම්භ කිරීම ප්‍රමාද කර තිබෙනවා.

වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙනුයි මෙලෙස තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වී ඇත්තේ.

තරගය ජය ගැනීම සදහා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285 ක ඉලක්කයක් හිමිව ඇති අතර, ඔවුන් ඊයේ දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටියා.

ඒ අනුව නවසීලන්තයට තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 257 ක් අද දිනයේ දී ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමටනම් අද දිනයේ දී කඩුලු 9ක් දවා ගත යුතුයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තු තබා ගැනීමටනම් මෙම තරගයෙන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජය ගත යුතු වනවා.

WhatsApp Group

Skip to content