හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියම කලා.

ඔහු වෙත අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුවයි මෙලෙස ඇප මත මුදාහරින ලෙස නියෝග කලේ .

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙලෙස අධිචෝදනා භාරදී තිබෙනවා .

ඒ අනුව රුපියල් ලක්ෂ 10ක පුද්ගලික ඇප දෙකක් මත ඔහු මුදාහරින ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියෝග කර ඇත්තේ .

WhatsApp Group

Skip to content