දරුවන්ගේ අනාගතය ගැන සිතා උත්තර පත්‍ර පරීක්ෂාවට පැමිණෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සියලු ඉල්ලීම් ලබා දීමට තමන් ක්‍රියා කරන බවට ඔහු සදහන් කළා.

එමෙන්ම උත්තරපත්‍ර සමීක්ෂකවරුන්ට මෙතෙක් ලබා දුන් දීමනාව දෙගුණයකටත් වඩා වැඩි කර ලබා දීමට ක්‍රියා කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර පවතින තත්ත්වය යටතේ උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය ද කල් යා හැකි බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අවධාරණය කළා.

අමාත්‍යවරයා පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සදහා ඇමෙරිකානු තානාපති ජූලි චන්ක් මහත්මිය සමග අද මට්ටක්කුලිය ශාන්ත ජෝන් මහා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා.

WhatsApp Group

Skip to content