ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන ප්‍රහාරවලට එරෙහිව අමෙරිකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල දින ගණනාවක සිට පැතිරී යන පලස්තීන හිතවාදී විරෝධතා දරුණු අතට හැරී ඇතැයි ද, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු සිසු සිසුවියන් නිව්යෝක් නුවර කොලම්බියා විශ්වවිද්‍යාලයීය ගොඩනැඟිල්ලක් අත්පත් කරගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ සමඟම අදාළ සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රය තහනම් කිරීමට බලධාරින් පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ අතර පෝට්ලන්ඩ් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සිය භාරයට ගෙන එහි සිසු සිසුවියන් විරෝධතාවක නිරතවන බවත්, ඔවුන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පොලිසියෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වේ.

 

WhatsApp Group

Skip to content