දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වන ගුණානුස්මරණය කොළඹ අලුත්කඩේ පිහිටි එතුමන්ගේ පිළිරුව අභියසදී අද පෙරවරුවේ සිදු වුණා.

ඒ, එතුමන්ගේ පුතණුවන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතු`ඵ සිය පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන්.

මෙහිදි දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ආගමික වතාවත් ද පැවැත්වුණා.

මේ අනුව එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රට පවතින තත්ත්වය තුළ අලුත් අභියෝගවලට අලුත් විසදුම් ලබාදීම සිය පියාණන් වන දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ එකම ප්‍රාර්ථනය වී තිබූ බවයි.

WhatsApp Group

Skip to content