හෝමාගම පිටිපන නගරයේ පැවති විරෝධතාවයක් අතරතුර ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකාර සිසුන් දෙදෙනා ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි හෝමාගම මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කර ඇත්තේ.

නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වීම, අයුතු ජන රාශිය, රාජකාරියට බාධා කිරීම සහ නවකවධ සිද්ධීන් සඳහා අනුබලදීම යන චෝදනා හතරක් යටතේ සැකකාර තරුණයින් දෙදෙනාට එරෙහිව හෝමාගම පොලිසිය මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණා,

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත  කරන ලද්දේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් දෙදෙනෙක්.

 

WhatsApp Group

Skip to content