2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල සහතික අද සිට ලබා ගත හැකි බව විභාග කොමසරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසනවා.

විභාග කොමසාරිස්වරයා පැවසුවේ, ඒ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පහසුකම් සලසා ඇති බවයි .

මේ අතර පසුගියදා 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණා.

එම ප්‍රතිඵල විශ්ලේෂණයේ දී, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් 311,321 දෙනා අතරින් 231,982 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ප්‍රකාශ කලේ.

ඔහු කියා සිටියේ ඒ සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ඒ අතර සිටින බවයි.

WhatsApp Group

Skip to content