Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

 

අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

විභාගය අද සිට ජුනි 08 වනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568ක දී පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 472,553ක් පෙනී සිටීමට නියමිතයි. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 536ක් පවතිනවා.

පාසල් අයදුම්කරුවන් 394,450 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 78,103 දෙනෙකු ඊට අයත්.

ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් 35,000කට අධික සංඛ්‍යාවක් විභාග රාජකාරී සදහා යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

මේ අතර විභාගය ආරම්භ වී මිනිත්තු 30 කට පසු කිසිදු අපේක්ෂකයෙකුට විභාග මධ්‍යස්ථාන වෙත ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බැවින් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසටයි අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ.

https://www.vnews.lk/storage/2023/05/AMITH-JAYASUNDARA-EDIT-.mp3?_=1

මේ අතර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ පොලීසියේ විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/05/POLICE-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content