Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධාව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහන් කළේ සාලිය පිරීස් මහතා සිය සේවාදායකු වෙනුවෙන් පෙනී සිටිම වරදක් නොවන බවයි.

ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම සේවාදායකයෙකු වෙනුවෙන් පෙනි සිටිමට ඇති වෘත්තිය අයිතියට බරපතල බාධාවක් බවයි එම නිවේදයෙන් නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව සාලිය පිරීස් මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සංවිධාන්තම අපරාධකරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස සාලිය පිරීස් මහතා ඉදිරිපත්ව තිබුණා.

ඒ වෙනුවෙන් විරෝධය දැක්වීමට සාලිය පිරීස් මහතාගේ නිවස ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වුණා.

 

WhatsApp Group

Skip to content