Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සිය රටවල පවතින එක් පාපන්දු ක්‍රීඩාංගනයක් අභාවප්‍රාප්ත ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයා වූ බ්‍රසීල ජාතික පේලේ නමින් නම් කරන ලෙස සෑම රටකින්ම ඉල්ලා සිටීමට සිය සම්මේලනය තීරණය කර ඇති බව ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා) සභාපති ජියන්නි ඉන්ෆන්ටිනෝ පවසයි.

සිය උපන් නගරය වන බ්‍රසීලයේ සැන්ටොස් නගරයේදී ඊයේ(03) අවසන් ගමන් ගිය පේලේ වෙනෙුවෙන් පැවැති අනුස්මරණ උත්සවයකට සහභාගි වෙමින් ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා මේ බව පවසා තිබෙනවා.

ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවෙන් ඊයේ (03) දහවල් 12ට පමණ බ්‍රසීලයේ සැන්ටොස් නගරයේ පිහිටි ලොව උසම සුසාන භූමියේදී මිහිදන් කෙරුණු පේලේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දේහය තැන්පත් කර තිබූ සැන්ටොස් නගරයේ පිහිටි විලා බෙල්මයිරෝ ක්‍රීඩාංගණය වෙත බ්‍රසීලයේ සෑම ප්‍රෙද්ශයකින්ම පාහේ විශාල ජනතාවක් පසුගිය 2 වනදා සිට ඊයේ(03) උදෑසන දක්වා පැමිණ තිබූ බව වාර්තා වනවා.

විශාල පිරිසක් එකවර පේලේ හට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණීම හේතුවෙන් ක්‍රීඩාංගණය අවට දිගු පෝලිම් නිර්මාණය වී තිබූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

පෙලේ හට අවසන් ගෞරව දැක්වූවන් අතර අලුතින් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වූ ලුස් ඉනයිකෝ ලුලා ද සිල්වා ද විය.

WhatsApp Group

Skip to content