සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටව ගියා.

ඒ අනුව අද අලුයම 12.30ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච් 178 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගිය පවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ.

ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ, සාගල රත්නායක, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පිරිසක්ද ජනාධිපතිවරයා සමග පිටත්ව ගොස් තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා සිංගප්පූරුවේ එක් දින සංචාරයක නිරත වන අතර එහිදී එරට නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරය හෙට දිනයේ සිට එළඹෙන 27 වනදා දක්වා සිදු කෙරෙන අතර එහිදී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමග සාකච්ඡා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ .

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු කර ගනු ඇති.

මේ අතර මෙරට ජනාධිපතිවරයා මැයි මස 25 සහ 26 යන දෙදින ටෝකියෝ නුවර පැවැත්වෙන “ආසියාවේ අනාගතය” පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට ද නියමිත වනවා .

WhatsApp Group

Skip to content