සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවන්නට තවත් පැය 08ක පමණ කාලයක් ඉතිරිව තිබෙනවා.

පාස්කු ප්‍රහාරය , කොවිඩ් වසන්ගතය සහ රට තුළ පැවති ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ ගෙවුණු වසර කිහිපය තුළ අලුත් අවුරුද්ද සැමරීමට සිදුවුයේ ගැටළු රැසක් මධ්‍යයේයි.

පැවති විවිධ බාධා තත්ත්වයන් යම්තාක් දුරකට සමනය වීම හේතුවෙන් මෙවර අලුත් අවුරුද්ද මෙරට ජනතාවට සුවිශේෂි වනු ඇති. මෙවර අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අද පෙරවරු 08.35ට ආරම්භවනවා.

පූර්ව භාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර, එම කාලය තුළ ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

ආහාර පිසීමේ නැකත උදා වන්නේ අද අපරභාග 3.29 ටයි.

විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරි බතක් ද, තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියල කර ගැනීම යෝග්‍ය බවයි නැකැත් චාරිත්‍රවල දැක්වුණේ.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 5.05 ට යෙදී තිබෙනවා. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර ආහාර අනුභව කරන ලෙස අවුරුදු චාරිත්‍රවල සඳහන්.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 9.41 ට යෙදී තිබෙනවා.

මේ තවත් පැය කිහිපයකින් ආරම්භ වන නොනගත කාලය පිළිබද පැහැදිලි කරන මහාචාර්ය සමන් වීරක්කොඩි මහතා.

https://www.vnews.lk/storage/2023/04/SAMAN-WEERAKKODI-NONAGATHYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content