අම්බලන්ගොඩ අකුරළ මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු ගසාගෙන ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස ගසාගෙන ගොස් ඇති සිසුන් තිදෙනාගෙන් එක් අයෙකු අතුරුදහන් වී ඇති බවයි.

ඔහු මීටියාගොඩ වෙදවත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙක්.

දියේ ගසාගෙන ගොස් තිබු අනෙස් සිසුන් දෙදෙනාගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසින්ට හැකි  වී තිබෙනවා.

මෙලෙස දිවිබේරා ගත් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය සදහන් කළා.

අවුරුදු නිවාඩුවට මිතුරෙකුගේ නිවසට යන බව සිය නිවෙස් වලට පවසා මුහුදේ දියනෑමට ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

මේ අතර අලුත් අවුරුදු සමයේ සිදුවිය හැකි අනතුරු පිළිබද අවධානයෙන් පසුවන්නැයි  කොළඹ මහ රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රමධ්‍යානි ද සොයිසා මෙනවිය පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/04/PUSHPA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content