Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දිවයින පුරා සියලු පාසල් අද දිනයේදී සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් පවසනවා.

තෛපොංගල් උත්සවය ඊයේ දිනට යෙදී තිබු බැවින් අද දිනයේ විශේෂ බැංකු නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර 2022 අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම සහ සංවිධානය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇති අතර ඊට අදාළ විෂයානුබද්ධ දේශන සහ වැඩමුළු පැවැත්වීමත් තහනම් කොට තිබෙනවා.

එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම එවැනි දේවල් ප්‍රසිද්ධ කරමින් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් සිදු කිරීමත් තහනම් කර ඇති බව එම නිවේදනයේ සදහන්.

උසස් පෙළ විභාගය ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.

WhatsApp Group

Skip to content