දහස් ගණනකට ජීවිත අහිමි කළ සිරියා යුද්ධය ආරම්භ වී මේ වන විට වසර 12ක් ගත වී තිබෙනවා.

2011 වසරේ මාර්තු මස 15වන දින ආරම්භ වු සිරියා යුද්ධයෙන් අහිමිවී ඇති ජිවිත සංඛ්‍යාව හයලක්ෂ දසදහසකට අධිකයි.

පසුගිය වසර තුළ දී පමණක් යුධ ගැටුම් හේතුවෙන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකට ජිවිත අහිමි වු බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

තවත් මිලියන 6කට ආසන්න සංඛ්‍යාවක් වෙනත් රටවලට පළා ගොස් ඇති අතර සිරියාව තුළ අවතැන්ව සිටින පිරිස මිලියන 6.9ක්.

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ට විරෝධය පළ කරමින් ආරම්භ වු උද්ඝෝෂණත් සමඟ යුධ ගැටුම් ආරම්භ වුණා.

WhatsApp Group

Skip to content