Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජනය සඳහා අයැදුම්පත් 112 ක් ලැබී තිබෙනවා.

කතානායකවරයා පැවසුවේ, පාර්ලිමේන්තුව වෙත යොමු කර ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු තෝරා ගැනීම හෝ අයැදුම්පත් යොමු නොකළ එහෙත් අදාළ සුදුසුකම් සපුරන සෙසු පිරිස් වේ නම් ඒ අතරින් සුදුසු පුද්ගලයින් තිදෙනකු සිවිල් සමාජ නියෝජිතයින් ලෙස පත් කිරීම පිළිබඳව අද දිනයේ සලකා බලන බවයි.

තෝරා ගන්නා සමාජිකයින්ගේ නම් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යොමු කරනු ඇති.

WhatsApp Group

Skip to content