Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා  අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුනා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයෙක් .

සැකකරු පටිගත කල දර්ශන අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරනවා.

කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණයවී පසුව දෙමව්පියන් දැනුවත් කර ඇති බවයි වාර්තාවන්නේ.

WhatsApp Group

Skip to content