Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඒ අනුව කොමිෂන් සභාවේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොමිසම රැස්වීමට නියමිත බව සඳහන්.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතව තිබෙනවා.

තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුව අසාධාරණ බව පවසමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගිය දිනක පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කරන බව පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කියා සිටියා.

එමෙන්ම පවතින පොලිස් කොමිෂන් සභාව රැස්වන අවසන් දිනය අද බව ද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content