අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙක්.

සැකකරුවන් ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content