Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලෝකයේ ඇති සුඛෝපභෝගි මගී නෞකාවක් වන මේන් ෂිෆ් ෆයිව් නෞකාව අද අලුයම කොළඹ වරායට සේන්දු වුණා.

මගීන් 2014 ක් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 922 ක් රැගෙන එම නෞකාව දිවයිනට පැමිණි බවයි වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා සඳහන් කළේ.

2016 වසරේ නිපදවා ඇති මෙම නෞකාව දිගින් මීටර් 295 ක් වන මෙම නෞකාවේ මගීන් 2500 කට පහසුකම් සළසා තිබෙනවා.

එම නෞකාව අද රාත්‍රියේ කොළඹ වරායෙන් පිටත්ව ගොස් හම්බන්තොට වරාය වෙත යාත්‍රා කරනු ඇති.

එය හෙට රාත්‍රි 9 ට දිවයිනෙන් පිටත්ව යන බවයි වරාය අධිකාරියේ හාබර් මාස්ටර්වරයා පැවසුවේ.

මෙම වසර අවසානයට පෙර මෙවැනි අති සුඛෝපභෝගි මගී නෞකා 4 ක් දිවයිනට සේන්දු වීමට නියමිතයි.

මෙවැනි මගී ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වනවා.

WhatsApp Group

Skip to content