මහා මාර්ගයක සිටි බලු පැටවුන් දෙදෙනෙකු වාහනයකට යට කර ඝාතනය කිරීමට අදාල සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පවසනවා.

අදාලා සිදුවීම සම්බන්ධයෙන් වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළා.

එම සිදුවීමෙන් පසු සත්ත්ව සුබසාධන සංවිධාන විසින් සිදුවීමට අදාළ පුද්ගලයාව සොයා ගැනීම සඳහා මහජන සහාය ද ඉල්ලා තිබුණා.

ඒ අනුවල අදාළ වාහනයේ අංකය සොයා ගැනීමට සත්ත්ව සුබසාධන සංවිධානවලට හැකි වුණු අතර, ඔවුන් විසින් ඒ පිළිබඳ පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පසුව අදාළ වාහනය පැදවූ කාන්තාව මතුරට පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලීසිය සදහන් කළේ.

එහි දී සැකකාර කාන්තාව විසින් සිය වැරැද්ද පිළිගෙන ඇති අතර, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකාරිය මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව නැවතත් එළැඹෙන ජූනි 01වැනිදා කැදවීමට නියමිතව තිබෙන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content