හතර වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික සූපවේදීන් එකොළොස් දෙනෙකු රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනා ගෙන තිබෙනවා.

එම පිරිස අද අලුයම යළි දිවයිනට පැමිණියා.

සෑම වසර හතරකට වරක් පවත්වන මෙම තරගාවලිය මෙවර රටවල් 55 ක් නියෝජනය කරන සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් බටහිර යුරෝපයේ ලක්සම්බර්ග් හිදී ඉකුත් 19 දින සිට 30 වනදා දක්වා පැවැත්වුනා.

තරගාවලිය තුළ උණුසුම් ආහාර සහ ප්‍රේස්ට්‍රි යන අංශ වල ආහාර පිළියෙල කිරීමේ ඉසව් වලදී වැඩි දක්ෂතා පෙන්නුම් කළ බව ශ්‍රී ලාංකික සූපවේදී කණ්ඩායමේ නායක දිමුතු කුමාරසිංහ මහතා ගුවන් තොටුපළේ දී සඳහන් කළා.

මෙම ජයග්‍රහණය සංචාරක ක්ෂේත්‍රයේ අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට හේතුවක් වනු ඇති බවයි දිමුතු කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේ.

WhatsApp Group

Skip to content