Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සමස්ත භික්ෂූන් වහන්සේලාගෙන් සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටින බව සේපාල් අමරසිංහ නමැත්තා ලිඛිතව දන්වා තිබෙනවා .

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා එම සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව ලිඛිතව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවයි .

එම ලිපියට අනුව, කිසිදු ආගමික හෝ ජනවාර්ගික කොටසක හැඟීම්වලට බලපාන්නාවූ සංවේදී කාරණයන් සම්බන්ධයෙන් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් මින් මතුවට සිදු නොකරන බවත් ඔහු එහිදී එකඟවී තිබෙන බවද නීතීඥයින් අධිකරණයට සඳහන් කර තිබෙනවා .

2022 වසරේ දෙසැම්බර් 29 වනදා දළදා වහන්සේට සහ බුදු දහමට අපහාස වන ආකාරයට ඔහු සිය යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ලවීමෙන් පසු ජනවාරි මස 05 වනදා සේපාල අමරසිංහ නමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content