Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෙළෙඳසැලකින් සොරා ගන්නා ලද ජංගම දුරකථන තොගයක් පහසු ගෙවීමේ ක්‍රමයට විවිධ පුද්ගලයින්ට අලෙවි කළ සැකකරුවෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හංවැල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලක් බිඳ සැකකරු රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා ජංගම දුරකථන තොගයක් මෙලෙස සොරා ගෙන ඇති බව සඳහන්.

සැකකරු සොරා ගත් ජංගම දුරකථන අවිස්සාවේල්ල, කොස්ගම සහ සාලාව ආදී ප්‍රදේශවල පුද්ගලයින්ට පහසු ගෙවීමේ ක්‍රමයට ලබාදී තිබෙනවා.

එලෙස සොරා ගත් ජංගම දුරකථන 19 ක් පොලිස් විමර්ශනවලදී සොයා ගෙන ඇති බව සඳහන්.
සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ සොරකමෙන් මාස 10 කට පමණ පසු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්.

අදාළ සැකකරු කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචි 41ක් හැවිරිදි පුද්ගලයකු වනවා.

WhatsApp Group

Skip to content