Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එකම පවුලක තරුණියන් දෙදෙනකු එක් මනාලයකු සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රින්කි සහ පින්කි නමැති එම නිවුන් සොහොයුරියන් දෙදෙනා එක් මනාලයකු හා විවාහවීමේ වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය ජාලා අතර වේගයෙන් සංසරණය වෙමින් පවතින බවයි.

නිවුන් සොයුරියන් දෙදෙනා ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායිහි තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවක නිරත වන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මනාලය සංචාරක නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන අතුල් නමැත්තෙකු බවත් ඔහු මෙම නිවුන් සොයුරියන් දෙදෙනාගේ කුඩා කල සිට මිතුරෙක් බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

විවාහ උත්සවය දෙසැම්බර් මස දෙවනදා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෝලාපූර් හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් නිවුන් සොහොයුරියන්ගේ මේ අපූරු විවාහය හින්දු චාරිත්‍රයට පටහැණි වන බවත්, එම විවාහය සම්බන්ධව පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වුවද එම විවාහයට දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සහෝදරියන් දෙදෙනා එක්ව මනාලයාට මල්මාලා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් ප්‍රචලිත වීමත් සමගින් අදාළ විවාහයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් සමාජය ප්‍රශ්න කිරීමට පටන්ගෙන තිබෙනවා.

ඒ අනුව පොලිසිය ක්‍රියාත්මක වී මනාලයාට එරෙහිව IPC 494 වගන්තිය යටතේ නඩු පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

WhatsApp Group

Skip to content