සෞදි අරාබි රජයට අයත් සෞදි ඇරම්කෝ ඉන්ධන සමාගම පසුගිය වසරේ ඩොලර් බිලියන 161ක ලාභයක් උපයා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියානු – යුක්රේන ගැටුම් ඇතිවීමත් සමග ඉන්ධන මිල ඉහළයාමෙන් පසු වාර්තාගත ලාභයක් ඉපයු නවතම බලශක්ති සමාගම එය බවයි එම වාර්තා වල සදහන් වන්නේ.

මෙම සෞදි ඇරම්කෝ ඉන්ධන සමාගම 2021 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 110ක ලාභයක් උපයා තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content