Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් කුඩු සලිදු නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ත්‍රත්තවාදය වැළැක්වීම පනත යටතේ සැකකරැවන්ගෙන් ප්‍රශ්න කිරීමටයි අධිකරණය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත්තේ.

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වු මොවුන් දෙදෙනා ඊයේ පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් තිබුණා.

සංවිධානාත්මක අපරාධකරුවන් වන මොවුන් දෙදෙනා දිවයිනට රැගෙන එන අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළ අවට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය කටයුතු කළා.

හරක් කටා නැමැත්තාට එරෙහිව පුද්ගල ඝාතන චෝදනා 5ක් සහ අපරාධ චෝදනා ගණනාවක් පවතින අතර කුඩු සලිදු නැමැත්තාට හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණයක් මෙරටට එවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම පුද්ගල ඝාතන 09ක් ඇතුළු අපරාධ සිද්ධීන් ගණනාවක් ඔහු විසින් මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අත්අඩංගුවේ පසුවන තම පුත්‍රයා වන සලිදුගේ ජීවිතාරක්ෂාව තහවුරු කෙරෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ මව අභියාචණාධිකරනය හමුවේ රීට් පෙත්සමක් ගොණු කර තිබුණා.

විමර්ශන කටයුතු සදහා සැකකරු පිටතට රැගෙන යන්නේ නම් මහේස්ත්‍රාත්වරයෙකුගේ සුපරීක්ෂණය යටතේ එය සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි ආදළ පෙත්සමේ දැක්වුණේ.

WhatsApp Group

Skip to content