Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද පෙරවරු 08ට තාවකාලිකව අත්හිටුවීමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෘත්තියවේදීන්ගේ එකමුතුව වෙත යොමු කළ යෝජනා සැලකිල්ලට ගෙන සිය දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද පෙරවරු 08ට අත්හිටුවීමට වෘත්තිය සමිති ඊයේ තීරණය කළා.

මේ ඒ පිළිබද අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/03/CHAMIL-WIJESINGHA-EDIT-1-1.mp3?_=1

සෞඛ්‍ය , අධ්‍යාපන , දුම්රිය, තැපැල්, වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ඊයේ වැඩ වර්ජනයේ නිරත වුණා.

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිවයි වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණේ.

මේ හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා රැසක් ඊයේ දිනයේ අඩපන වී තිබුණා.

එමෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩවර්ජනයට එක්වීමත් සමග ඊයේ දිනයේ පාලස් රැසක අධ්‍යාපන කටයුතුවලට ද බාධා එල්ල වුණා.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ පැය 24 සංකේත වැඩවර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවන්ට ලක්ව තිබුණා.

WhatsApp Group

Skip to content