පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ පසුගිය 10 වන දින රාත්‍රියේදී පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි හිටපු උපකුලපතිවරයාගේ නිවසට කඩා පැන පහරදීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරන බවයි.

ඒ අනුව ඊයේ(12) රාත්‍රී කාලයේ සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් 6 දෙනෙකු පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23ත් 25ත් අතර වයස්වල පසුවන නිට්ටඹුව, සඳලංගල, ගිරිතලේ, මාතලේ, හේනේගමුව සහ ගලගම්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

එසේම සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තවත් සැකකරුවන් හය දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසනවා.

 

WhatsApp Group

Skip to content