එල්.පි.එල් තරගාවලියේ කොළඹ කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 06 කින් ජයගැනීමට ජැෆ්නා කන්ඩායම සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 08 ක් දැවී රැස් කර ගත ලකුණු සංඛ්‍යාව 172 ක්.

එහිදී කොළඹ කණ්ඩායමට බලාපොරොත්තුවක් එක්කළ ඉනිමක් ගොඩනැගීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වී තිබුණා.

ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 08 ක් සහ හයේ පහර 03 ක් එල්ල කරමින් පන්දු 38 කදී ලකුණු 73 ක් රැස්කර ගත්තා.

බෙනි හව්වෙල් ඔහුට අගනා සහායක් ලබා දෙමින් ලකුණු 43 ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 02 ක් සහ හතරේ පහර 05 ක් ඇතුළත් වුණා.

කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රහාරය තරගයේ ජයග්‍රහණය ට ප්‍රමාණවත් වී නැහැ.

කොළඹ කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් පන්දු යැවීමේදී විජයකාන්ත් සහ ජේම්ස් ෆුලර් කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා.

තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content