අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සඳහා මෙලෙස ජාල සැපයුම අත්හිටුවෙනු ඇති.

එමෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටද ජල සැපයීම අත්හිටුවෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව හෙට උදැසන 11 සිට රාත්‍රී 8 දක්වා පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

WhatsApp Group

Skip to content