ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ආසන්න උඩු ගුවනේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ.

අද දහවල් එම අනතුර සිදුව ඇති අතර ගෝල්ඩ් කෝස්ට් හි ප්‍රධාන වෙරළ ආසන්නයේ පිහිටි වැලි තලාවක් මතට එම යානාවල සුන්බුන් වැටී ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ යානා දෙකෙහි 13දෙනෙක් පමණ ගමන් කර ඇති අතර ඉන් 4දෙනෙක් මියගොස් ඇති අතර තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවත් 6දෙනෙක් ට සුළු තුවාල සිදුව ඇති බවත් වර්තාවනවා.

WhatsApp Group

Skip to content