Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවකින් පැහැදිළිව ප්‍රකාශකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

මාර්තු 20 වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම අනිවාර්ය බවයි ඒ මහතා සඳහන් කළේ .

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කීපයක්ම ඇති බව කී ජී. එල්. පීරිස් මහතා කියා සිටියේ නීතියට අනුව මාර්තු 20 වැනිදාට පෙර රට පුරා පළාත් පාලන ආයතන 340 ස්ථාපිත කිරීමට නම් අනිවාර්යෙන් පෙබරවාරි මස අවසානයේ හෝ මාර්තු මස මුල මැතිවරණය පැවැත්විය යුතු බවයි.

පාර්ලිමේන්තුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට යෝජනාවක් සම්මත කරගත හොත් එයට අවනත වීමට සිදුවන්නේ යැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ නම් එය නිවැරදි ප්‍රකාශයක් නොවන බවයි ජි.එල් පිරිස් මහතා පවසන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව සතුව නොව ජනතාව සතු නිසා පාරිලිමේන්තු යෝජනාවකින් මැතිවරණය කල්දැමිය නොහැකි බව ඒ මහතා අවධාරණය කළා.

මැතිවරණ පැවැත්වීමට මුදල් නැතැයි ආණ්ඩුව සිදු කරන ප්‍රකාශට ඉඩ දෙනවා නම් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අභාවය බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අයවැයෙන් රජයේ වියදම ලෙස වෙන්කළ රුපියල් බිලියන 7600 න් බිලියන 10 ක් වියදම් කිරීම දැවැන්ත ගැටලුවක් බවට පත්කරගෙන ඇති බවදා මන්ත්‍රීවරයා කියා සිටියා.

රජය දිනෙන් දින කිසිඳු පැකිළීමකින් තොරව ට්‍රිලියන ගණනින් මුදල් මුද්‍රණය කර වියදම් කරන බව කි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ ඡන්දය පැවැත්වීමට මුදල් නොමැති යැයි කිවහොත් ජනමතයක් නොමැති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාදා අඛණ්ඩව බලයේ රැදී සිටිනු ඇති බවයි.

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කටයුතු කළ හොත් හතර වන පියවර වශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වන බවට ජාත්‍යන්තර හමුවේ දැඩි මතයක් ගොඩනැගීමට කටයුතු කරන බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් කියා සිටියා.

 

WhatsApp Group

Skip to content