Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇමෙරිකානු හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නැරැඹූ උතුරු කොරියානු තරුණයින් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දීමට උතුරු කොරියානු රජය පියවර ගෙන ගෙන තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම හිමිවී ඇත්තේ වයස අවුරුදු 16 ත් 17 ත් වයසැති නව යොවුන් වියේ පසුවන තරුණයින් දෙදෙනෙකුට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මොවුන් දෙදෙනා උතුරු කොරියාවේ රයැන්ජියැන් පළාතේ නගරයක පාසල් සිසුන් වන අතර, ඔවුන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නරඹා ඇත්තේ පාසලේ දී බවයි වාර්තා වන්නේ.

මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇත්තේ හමුදාවේ මැදිහත් වීමෙන් වන අතර එම තරුණයින් දෙදෙනාගේ පවුලේ සාමාජිකයින් ඉදිරියේ දී ඔවුන්ට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හොලිවුඩ් චිත්‍රපට දකුණු කොරියානු ටෙලි කතා සහ චිත්‍රපට ද උතුරු කොරියාවේ තහනම් වනවා.

කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදු වීම පසුගිය ඔක්තොබර් මාසයේ දී සිදුව ඇති බවයි.

WhatsApp Group

Skip to content