එකොළොස් වයසැති සහෝදරයා විසින් වායු රයිෆලයකින් තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් අවුරුද දෙකක් පමණ වසයැති ඔහුගේ නැගනියගේ උගුරට වැදී බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසනවා.

පස්යාල, දෙමටදෙණිකන්දේ දැරියක මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.

වායු රයිෆල් උණ්ඩයේ කොටසක් දැරියගේ උගුරු පසා කර ගෙන ගොස් ඇතැයි ද, මේ වන විට දැරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර බවද වාර්තා වනවා.

සිය වැඩිමහල් සහෝදරයා වායු රයිෆලයෙන් බිත්තියට තැබූ උණ්ඩයක කැබැල්ලක් මෙලෙස දැරියට වැදී තිබෙනවා.

WhatsApp Group

Skip to content