13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම යහපත් වුවද එයින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.

ඒකිය රටක් තුළ සෑම විටම බහුතර සිංහල ජනතාවගේ අදහස් පමණක් ආණ්ඩුව විසින් ඉෂ්ඨ කිරීමේදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට එයින් දැඩි ලෙස හානි සිදු වන බවටයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම කෙසේ හෝ ෆෙඩරල් ක්‍රමය මෙරට තුළ ස්ථාපිත කිරීම අනිවාර්යෙන්ම සිදු කරන බවටයි මාධ්‍යට අදහස් දක්වමින් සී.වී. විග්නේෂ්වරන් මහතා වැඩි දුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/02/WIGNESHWARAN-EDIT.mp3?_=1

මේ අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත් වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතු`ඵ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේදී ඇප ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් රාජාසන කථාව පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසිවාරයට මන්ත්‍රීවරුන් පැමිණෙන මාර්ගයේ උන්වහන්සේ සහ තවත් පුද්ගලයෙකු සත්‍යග්‍රහය සිදු කර තිබුණා.

එමෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමඟ එහිදි දැඩි උණුසුම්කාරි තත්ත්වයක් හට ගත්තා.

ඒ භික්ෂූන්වහන්සේලා පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට ගත් උත්සහයත් සමගයි.

මේ අතර මහා සංඝරත්නය විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගිනි තැබීමට ද පියවර ගනු ලැබුවා.

අදාළ විරෝධතාවය සඳහා මිහින්තලයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනාවැවේ ධම්මරතන හිමියන්, ඕමල්පේ සෝභිත හිමියන්, උලපනේ සුමංගල හිමියන් ඇතු`ඵ හිමිවරුන් බොහෝ පිරිසක් සහභාගි වුණා.

මේ එම අවස්ථාවේ හටගත් උණුසුම් තත්ත්වයයි.

https://www.vnews.lk/storage/2023/02/UNUSUMA-EDIT.mp3?_=2

මේ අතර හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ රට තුළ නැති අර්බුද නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කරමින් සිටින බවයි.

ජනාධිපතිවරුන් හය දෙනෙකුගෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ බලය බොහෝ පිරිස් ඉල්ලා සිටියද කිසිවිටෙකත් එය ලබා නොදුන් බවටයි සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/02/SARATH-FONSEKA-EDIT-.mp3?_=3

මේ අතර අද පාර්ලිමේන්තු කටයුතු අවසන් වීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විමසා සිටියා.

එහිදි ඔහු කියා සිටියේ එය එතරම් බලපෑමක් නොවනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/02/MAHINDA-RAJAPAKSHA-EDIT-.mp3?_=4

WhatsApp Group

Skip to content