විරෝධතා පාලනය සදහා ප්‍රමිතියෙන් තොර කදුළු ගෑස් භාවිත නොකරන බව පොලිසිය අවධාරණය කරනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා කියා සිටියේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන ඒ සදහා භාවිත කරන බවයි.

විරෝධතා පාලනය සදහා කල් ඉකුත් වු කදුලු ගෑස් භාවිත කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

එමෙන්ම කදුළු ගෑස් වැදීමෙන් මියගිය බව කියන පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/NIHAL-THALDUWA-1.mp3?_=1

මේ අතර පොලිස් කැරලි මර්දන කණ්ඩායම් නිසි ක්‍රමවේද යටතේ විරෝධතා පාලනයට එක්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා.

විරෝධතාකරුවන්ට පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් රංගෙ බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/03/RANGEBANDARA-EDIT-1-1.mp3?_=2

WhatsApp Group

Skip to content