ආගමික අන්තවාදී තර්ජන රටතුළ නැවත ඇතිවිය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම කාරක සභාවේ පළමු හමුවෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.

ත්‍රස්තවාදය නිම කළ ද විදෙස් රටවල සිට ඇතැම් පාර්ශව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේ.

බුද්ධි තොරතුරු පිළිබද අවධානය යොමු කර නිසි ක්‍රියාමාර්ග ගතයුතු බවයි ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සරත් වීරසේකර මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/03/SARATH-WEERASEKARA.mp3?_=1

WhatsApp Group

Skip to content