Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

19 න් පහල කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට බංගලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා .

දකුණු අප්‍රිකාවේ බෙනෝනි ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුවෙන් පන්දු රකිමටයි තීරණය කලේ .

ඒ අනුව පිටියට පිවිසි බංගලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 2 ක් පමණක් දැවී රැස්කළ ලකුණු සංඛාව 165 ක් .

ලකුණු 166 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 4 ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 155 ක් පමණයි .ඒ අනුව ලකුණු 10 ක ජයක් ලැබීමට බංගලාදේශ ක්‍රීඩිකාවන්ට හැකි වුණා

WhatsApp Group

Skip to content