Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා .

එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති බවයි .

මේ අනුව විභාගය සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රසිද්ධ කිරීමත් සිදුනොකළ යුතුයි .

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ කිසියම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසළකා කටයුතු කළහොත් දැඩි නීතිමය පියවර ගන්නා බවයි .

එවැනි ආකාරයේ උපදෙස් කඩකිරීමක් සිදුවුවහොත් 1911 යන විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැකි වනවා .

WhatsApp Group

Skip to content