Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

75 වන නිදහස් සැමරුමෙන් ඇරඹෙන නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සිය නිදහස් දින පණිවිඩය මගින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

නවීන තාක්ෂණය සමග එක්ව තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අප කඩිනමින් පිය නැගිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මේ කාලය තුළ වඩාත් ඉවසුම් සහගතව සහ අධිශ්ඨානශීලිව කටයුතු කරමින් නව ප්‍රතිසංස්කරණය වැඩපිළිවෙලට සහය වන ලෙසයි රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර ජාතික නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අභියෝග ජයගෙන ආර්ථික වශයෙන් යහපත් ප්‍රගතිශීලි ජාතියක් ගොඩ නැගීම අපේක්ෂාව බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රටේ දියුණුව සහ ප්‍රගමනය වෙනුවෙන් එකාවන්ව පෙළගැසී අවංකව රට වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම සියලු දෙනා සතු වගකීමක් බවයි දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ.

මේ අතර අද දිනයේ පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වු ඩලස් අලහප්පෙරුම මහතා ඇතුලු කණ්ඩායම ද මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබුණා.

ඔවුන් පෙන්වා දෙන්නේ රජය ගෙනයන වැඩපිළිවෙල සමග එකග විය නොහැකි බැවින් නිදහස් උත්සවයට සහභාගී නොවීමට තීරණය කළ බවයි.

WhatsApp Group

Skip to content