ජාතික ජුඩෝ ශුරතාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි මේ වන විට පැවැත්වෙනවා .

59 වන වරටත් සංවිධානය කල ජාතික ජුඩෝ ශුරතාවලිය ඊයේ ආරම්භ වූ අතර අද පස්වරුවේ මෙහි අවසන් මහා තරගය පැවැත්වෙනු ඇති .

මෙම ශුරතාවලිය පිරිමි තරගකරුවන් සඳහා කිලෝග්‍රෑම් 45 සිට කිලෝග්‍රෑම් 100 ට වැඩි බර පන්තිය දක්වාත් කාන්තා තරඟකාරිනියන් සදහා‘ කිලෝග්‍රෑම් 44 සිට කිලෝ ග්‍රෑම් 78 බර පන්ති දක්වාත් ක්‍රියාත්මක වනවා .

සියලුම බර පන්තිය යටතේ‘ දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450කට අධික පිරිසක් මෙම තරඟාවලියේ සඳහා සහභාගී වී සිටිනවා .

WhatsApp Group

Skip to content