සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.
බංග්ලාදේශයේ චිතගොන් හීදී පැවැත්වෙන මෙම තරඟය අද මෙරට වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළා.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් නම් කළ මෙම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුලත්.
පසුගියදා නිමා වූ ඇෆ්ගනිස්තාන තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් පෑ අසිත ප්‍රනාන්දුට ඇති වූ ආබාධ තත්වය නිසා ඔහු වෙනුවට ලහිරු කුමාර මෙම සංචිතය සඳහා එක් කර තිබෙනවා.
මේ අතර ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ ශෙවෝන් ඩැනියෙල් වෙනුවට කමිඳු මෙන්ඩිස් මෙවර සංචිතයට කැඳවා තිබීමත් විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- පාඨලී බොරැල්ල කනත්තේ රණවිරුවන් සමරයි (වීඩියෝ)
- වැස්ස සැර වෙයි
- වෙල්ලිමුල්ලි වයික්කාල් සැමරුමකින් වැල්ලවත්ත උණුසුම් (වීඩියෝ)
- නාවිකයන් 3,146කට උසස්වීම්
- කොදෙව් කාන්තා කණ්ඩායම ලබන මස දිවයිනට
- කැකිරාවේ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට
- ජනපති ඉන්දුනීසියාව බලා පිටත් වෙයි
- වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්තේ සමරුමක් – එක් අයෙක් අත්අඩංගුවට