ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන අන්තර්ජාතික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වීමට ඉන්දීය ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය එළඹෙන 14 සහ 15 දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීන මළළ ක්‍රීඩකයන් 1,000ක් පමණ සහභාගී වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා සංගමයේ සභාපති තිස්ස සමරසිංහ මහතා පැවසුවේ.

44 දෙනෙකුගෙන් යුතු ඉන්දීය ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම චෙන්නායි සිට අලුයම 03.00 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන යානයෙන් මෙරටට පැමිණියා.

මීට අමතරව තවත් ඉන්දීය ක්‍රීඩකයන් 06 දෙනෙකු මෙම තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඔවුන් පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා සංගමයේ නිලධාරීන් පිරිසක් විසින්.

( කටුනායක ටී.කේ.ජී.කපිල )

WhatsApp Group

Skip to content