ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ විශේෂ සාකච්ඡා මණ්ඩපයක් අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරි ආයතනය විසිනුයි මෙය සංවිධාන කර ඇත්තේ.

ආර්ථික සංවාදය අයි.එම්.එෆ් සහ ඉන් ඔබ්බට යන්න එහි තේමාවයි.

කොළඹදී පැවැත්වෙන මෙම සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද ජනාධිපතිවරයා සිය දේශනයෙන් අවධානය යොමු කරනු ඇති.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමෙන් පසුව වෘත්තිය ආයතනයක් විසින් පවත්වන පළමු සාකච්ඡා මණ්ඩපය මෙවනවා.

WhatsApp Group

Skip to content