Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අභවප්‍රාප්ත හිටපු කතානායකවරයෙකු වු ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම සදහා දේහය පාර්ලිමේන්තුව ඉදිරිපස විශේෂ ශාලාවේ පෙරවරු 09.00 සිට පෙරවරු 10.00 දක්වා තැම්පත්කර තැබෙනු ඇති.

ජෝෂප් මයිකල් පෙරේරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17වන කතානායකරයායි.

2001 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා ඔහු කතානායක ධුරයේ කටයුතු කර තිබුණා.

එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස ද ජෝසප් මයිකල් පෙරේරා මහතා කටයුතු කළා.

එමෙන්ම විවිධ රජයක් යටතේ කම්කරු සහ ධීවර හා ජලජ සම්පත් කැබිනට් අමාත්‍යධුරද ඔහු විසින් හොබවා තිබෙනවා.

WhatsApp Group

Skip to content